brand logo

උසස් තනතුරු කිහිපයකට උසස් නිලතල කමිටුවේ අනුමැතිය

25 June 2021

තානාපතිවරුන් දෙදෙනෙක්ට සහ අමාත්‍යාංශ තුනක් සඳහා රජය විසින් නම් කළ ලේකම්වරුන්ට සහ සභාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර තිබේ. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් එම අනුමැතිය ලබා දී ඇත. බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති ඩී. එම්. සුමිත් දසනායක මහතාටත්, ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති ජී. එම්. වී. විශ්වනාත් අපොන්සු මහතාටත් එම කමිටුවේ අනුමැතිය හිමි වී ඇත. පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම්. එන්. රණසිංහ මහතා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්යාංමශයේ ලේකම්වරයා ලෙස එස්. විදානපතිරණ මහතා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එස්. එම්. ඩී. එල්. කේ. ද අල්විස් මහතා එසේම මීට ප්‍රථමයෙන් පත්කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට අනූෂ පැල්පිට මහතාටද එම කමිටුවේ අනුමැතිය හිමි වූ බව ම‍හ ලේකම්වරයා නිවේදනය කරයි.
 

More News..