brand logo

උසස්වීම් නැතිව පොලිසියේ තිස්දහසක් සුසුම් හෙළති

25 May 2019

පොලිස් කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් තිස් දහසකට පමණ වසර දොළහකට වැඩි කාලයක සිට නියමිත උසස්වීම් නොලැබීම නිසා ඔවුන් දැඩි කලකිරීමට පත්ව සිටියි. පොලිස් කොස්තාපල් සිට පොලිස් සැරයන් දක්වා උසස්වීම් වසර දොළහක සිට ලබා නොදීම නිසා විසිදහසකට වැඩි පිරිසක් එකම තනතුරේ පසුවෙති. සැරයන් සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් පන්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයකට ලැබී නොමැති බව වාර්තා වේ. උප පොලිස් පරීක්ෂක තනතුරේ වසර අටක පමණ සිටින නිලධාරීන් දෙදාස් තුන්සීයයක් පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් සඳහා සුදුසුකම් ලබා තිබේ. මීට අමතරව කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිනියන් පන්දහස් පන්සියකට වැඩි පිරිසක් පොලිස් සැරයන් දක්වාත් කාන්තා පොලිස් සැරයන්වරියන් දෙසිය පනහකට වැඩි පිරිසක් උපපොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම්වලට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. ඊට අමතරව පොලිස් පරීක්ෂක තනතුරට සුදුසුකම් ලැබූ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙසිය පනහක් පමණ හා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර සඳහා සුදුසුකම් ලැබූ කාන්තා පොලිස් පරීක්ෂකවරියන් සියයකට අධික පිරිසක් සිටි බවද වාර්තා වේ.
 

More News..