brand logo

උපුල් තරංග විශේෂ විමර්ශණ ඒකකයට

01 July 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ විශේෂ විමර්ශණ ඒකකය වෙත පැමිණ තිබේ. අප වාර්තාකරු සදහන් කළේ අද පෙරවරු 10.15 පමණ උපුල් තරංග එම ස්ථානයට පැමිණි බවයි. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගය පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ඊයේ (31) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයාම් හිටපු නායකයෙකු මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ප්‍රශ්නය කරනු ලැබීය. පැය 6 1/2ක කාලයක ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම ප්‍රකාශයේ පවතින යම් කරුණු සැලකිල්ලට ගනිමින් උපුල් තරංග අද දිනයේදී කැදවීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ විශේෂ විමර්ශණ ඒකකය තීරණය කළේය. ඒ අනුව උපුල් තරංග අද පෙරවරුවේ මෙලෙස එම ඒකකය හමුවට පැමිණ තිබේ. 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ චෝදනාව ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරය හමුවේ ද ආන්දෝලනයට තුඩු දුන්නේය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
 

More News..