brand logo

උපාධිධාරි ස්ථානමාරුවලට කිසිදු දේශපාලන හෝ වෙනත් බලපෑම් බැහැ

10 February 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඉදිරියේදී ලබාදීමට නියමිත රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ පත්වීම් ලබන්නන්ට වසර 5ක් ගතවන තුරු කිසිදු දේශපාලන බලපෑම් මත ස්ථාන මාරුවීම් ලබාගත නොහැකි බව තොරතුරු, ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. රැකියා විරහිත උපාධිධාරීන් සියලුදෙනාට රැකියා අවස්ථා සදහා අයදුම්පත් භාර ගන්නා දිනය පෙබරවාරි මස 22 වනදා දක්වා දිගු කළ බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. එමෙන්ම වයස අවුරුදු 45 ට නොවැඩි, පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හෝ උපාධියකට සමාන උසස් ඩිප්ලෝමාධාරි ඕනම පුද්ගලයෙකුට මේ සදහා ඉල්ලුම් කළ හැකි බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරය සදහන් කළේය. https://youtu.be/_FZdWW2gM4g  
 

More News..