brand logo

උප්පැන්නේ 'ජාතික උප්පැන්න සහතිකය' වෙයි

23 July 2020

‘උප්පැන්න සහතිකය‘ යන්න වෙනුවට ‘ජාතික උප්පැන්න සහතිකය‘ නමින් නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණවීමෙන් පසු ජනගත කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. ඒ අනුව උප්පැන්න සහතිකයේ පැවැති අඩු පාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස සකස් කිරීමට පියවර ගන්නා බව එන්.සී. විතානගේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර ඇත. එම උප්පැන්න සහතිකයෙන් සමහර ළමුන්ට අගතිගාමී ලෙස බලපාන දෙමාපියන් විවාහක ද යන කොටස ඉවත් කොට භාෂාද්වයෙන්ම සකස් කරනු ඇත. මෙම උප්පැන්නයේ නවාංගයන් ද ඇතුළත් කොට තිබේ.... 1. උප්පැන්න සහිතකය යන්න වෙනුවට ජාතික උප්පැන්න සහතිකය නමින් හදුන්වා දී ඇත. 2. භාෂාද්වයෙන්ම සැකසේ. 3. උපතේ ලබාදෙන අනන්‍යතා අංකය ඇතුළත් කොට ඇත. 4. වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සැකසේ. 5. ක්ෂණික ප්‍රතිකාර කේථයක්, කේත අංකයක්, දිය සළකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකර් එකක් අලවා ඇත. 6. රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් කරනු ලබයි. මෙම උප්පැන්න සහතිකයට පැරණි උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිළිබද විස්තර ජාතික උප්පැන්න සහිතකයට ඇතුළත් කර නෙමැති අතර, ජාතිය යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වය ද ඇතුළත් කොට ඇත. මෙය තවමත් ජනගත කර නොමැති අතර, මීට අදාළ කාර්ය පියවර සම්පූර්ණවීමෙන් පසු ජනගත කිරීමට බලාපොරොත්තු වන බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නිවේදනයෙන් සදහන් කරයි.
 

More News..