brand logo

උපන්දින සාදයකට ගිය තිදෙනෙකුට කොවිඩ්

13 January 2021

බද්දේගම නගරයේ පසුගිය 06 වැනිදා පැවැත්වූ උපන්දින සාදයකට සහභාගීවූ තිදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මින්පෙර ආසාදිතයෙකු බවට එම ප්‍රදේශයෙන් හඳුනාගත් කාන්තාවකගේ ආශ්‍රිතයෙන් ලෙස මෙම සාදයට සහභාගීවූ පුද්ගලයෙකුට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී මොහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙම සාදයට සහභාගීවූ කිහිපදෙනකුට සිදුකරන ලද පරීක්ෂණ වලදී තවත් දෙදෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබේ.ආසාදිත වූවන් අතර සාදයේ ඡායාරූප ශිල්පියා ද සිටින බව වර්තා වෙයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ මෙම සාදය පවත්වා තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බව වර්තා වේ. උපන්දිනය සැමරූ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පීසීආර් පරීක්ෂණයකට සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔහු කොරෝනා ආසාදිත අයකු නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇත. සාදයට සහභාගී වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද නිරෝධායනයට යොමුකර ඇත. මෙම උපන්දින සාදය සඳහා බද්දේගම නගරයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් ද සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර සාදයට සහභාගී වූ අනෙක් පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 

More News..