brand logo

උපන්දිනය දා පර්සිට ලැබුණු තෑග්ග

30 July 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සන්නාමයක් බදු වූ පර්සි අබේසේකර මහතාගේ අදට යෙදී ඇති 85 වන ජන්ම දිනයත් සමග "ලංකා සළුසල" ආයතනයේ සන්නාම තානාපති ලෙස පත් කිරීම අද (30) දින සිදු කර තිබේ. "ලංකා සළුසල" නාමය ජාත්‍යන්තර මට්ටමේ නව මානයකට ගෙන යන ඉදිරි වැඩසටහන් රාශියක් බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය විසින් "ලංකා සළුසල" ආයතනය හා එක්ව දියත් කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලාංකේය ජාතික ධජය ක්‍රිකට් පිටිය සිසාරා ලෙල දුන් දිනයක් වෙත්ද ඒ පර්සි අබේසේකර මහතා නිසාවෙන් බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත. රට ජාතිය වෙනුවෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තවත් බොහෝ කලක් සේවය කිරීමට ශක්තිය ලැබේවා යයි ද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය නිල facebook පිටුවේ මේ බව සඳහන් කර ඇත.  
 

More News..