brand logo

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයක් ලබාදෙනවා

02 June 2019

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. දඹුල්ල මහ නගර සභාව යටතේ දිගම්පතන රක්ෂිතයේ ඉදිකළ කසළ ප්‍රතිචක්‍රීකරණ අංගනය විවෘත කිරීමට ඊයේ (01දා) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම් දෙකකින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උපතේදී උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
 

More News..