brand logo

උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

02 March 2021

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද(02) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. අරලියගහ මන්දිරයේදී අද පස්වරු 5.00 ට එම සාකච්ඡාව පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි. විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම හමුවේ , විශ්වවිද්‍යාල පවත්වා ගෙන යෑමට ලැබෙන ප්‍රතිපාදන සහ විශ්වවිද්‍යාලවල පවතින ගොඩනැගිලි සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව සභාපතිවරයා සඳහන් කරයි. විශ්වවිද්‍යාල සඳහා පළමුවරට වැඩිම අතිරේක සිසුන් සංඛ්‍යාවක් මේ වසරේදී බඳවා ගෙන ඇත. එම සංඛ්‍යාව 10,600 ක් වන අතර මේ වසර සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගෙන ඇති සමස්ත සිසුන් ගණන 42,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
 

More News..