brand logo

උපකාරක පන්තියක උපරිම සීමාව සිසුන් 500යි

01 July 2020

පෞද්ගලික උපකාරක පන්තියකදී වරකට සිසුන් පන්සියකට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුමැතිය ලබා දුන්නේ ය. ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සමග සාකච්ඡා කර උසස් පෙළ හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග දින තීරණය කිරීම සලකා බලන ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුමට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දුන්නේ කොවිඩ් 19 නිසා තාවකාලිකව නතර කළ උපකාරක පන්ති යළි ඇරඹීමේ දී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ජනාධිපති කාර්යාලයේ පෙරේදා (29වැනිදා) පැවති සාකච්ඡාවේදී ය. උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටලු සම්බන්ධව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී එකඟත්වය පළ කර ඇත. පොහොය දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට ගුරුවරුන්ගේ කැමැත්තද එහිදී පළවිය.
 

More News..