brand logo

උදෑසන සිදුවූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

10 November 2018

ප්‍රදේශ දෙකකදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට පොලීසිය පවසනවා. ගම්පහ සහ හික්කඩුව යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. ගම්පහ උඩුගම්පොල නයිවල මාර්ගයේ ගල්පොත්ත හන්දිය අසලදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 52ක් වූ කඩවත පදිංචි පුද්ගලයෙක්. මේ අතර හික්කඩුව කුමාරකන්ද ඇල්පිටිය මාර්ගයේ ගාලු පාර ආසන්නයේදි ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක මාර්ගය අයිනේ ගමන් කළ පදික කාන්තාවක් ගැටී මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ කාන්තාව වයස අවුරුදු 75ක් වූ දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු හික්කඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 

More News..