brand logo

උදරය ඉදිරියට නෙරා එන්නට හේතු මෙන්න

01 January 2021

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේදී අප දන්ත කල්‍යාණය කේෂකල්‍යාණය, ඡවි කල්‍යාණය, ආදි දේ පිළිබඳව ඉතාම සැලකිලිමත් වෙමු. නමුත් ශරීරයේ හැඩය පවත්වාගෙන යාම පිළිබඳව අප විශේෂයෙන් අවධානය යොමුකළ යුතුය. එය පෞරුෂ්‍යත්වයට මෙන්ම මානසික හා ශාරීරික සෞඛ්‍යයට ඉතා වැදගත්ය. අපගේ ශරීරයේ හැඩය සඳහා විශේෂයෙන් අප ගන්නා ආහාර රටාව, ජීවන පැවැත්ම ඉතාම තදින් බලපායි. විශේෂයෙන්ම ශරීරයේ තෙල් කොටස් තැන්පත් වීම මගින් උදරය අධිකව ඉදිරියට නෙරා ඒම වර්තමානයේ අපට දක්නට ලැබේ. එමගින් පිරිමි හෝ කාන්තා භේදයකින් තොරව ශරීරයේ හැඩය වෙනස් කරයි. එය බාහිර ස්වරූපය වෙනස් කරන අතරම අපට ලෙඩ රෝග රැසකට රැගෙන යාමේ මාර්ගය සලසා දෙයි. මෙම කාරණය නිසා බොහෝ විට වාඩි වී සිටීමේ අපහසුතා, කෑම ගැනීමේ අපහසුතා, මෙන්ම බාහිර ලෝකයාගෙන් ලැබෙන උසුළු විසුළු මානසික වදයකි. එය කෙසේ වුවද දියවැඩියාව කොන්දේ අමාරුව, බඩ පුරවා දැමීම, වාතය පිටවීම, උගුරට අරුචිගතියක් දැනීම වැනි තත්ත්වද ඇතිවීම සිදුකරයි. එබැවින්ද උදරය ඉදිරියට හා විශාලව පැවැතීම හානිකරයි. හේතු අධික ආහාර පරිභෝජනය බඩ විශේෂයෙන් ඉදිරියට නෙරා එන්නේ අවුරුදු 25ට පසුවයි. එනම් එම අවදියට පසුව අප ගන්නා ආහාරවල අධික මේදය ආදිය තැන්පත් කිරීම සිදුකරනවා. මේවා වැඩිපුර තැන්පත් කරන්නේ චර්ම්‍යාන්තරයේය. එයද බඩෙහි චර්මාන්තරයේ තැන්පත් වීම වැඩිය. ඊට අමතරව කලවා වල තැන්පත් කරයි. මෙය සංචිත ශක්ති ගබඩාවක් ලෙස ක්‍රියාකරයි. අවශ්‍ය විට මෙම මේදය ශක්තිය ලබාගැනීමට දියකර ප්‍රයෝජනයට ගනී. එසේම ශරීරයේ පවතින මේදය මගින් උෂ්ණත්වය පාලනය කරයි.     මත්පැන් භාවිතය අධික වීම මත්පැන්වල ඇති ඇල්කොහොල් නිසා ශරීරයේ පවතින මේදය දහනය වීම අඩුකරනවා. එයද හේතුවකි. එසේම මත්පැන් භාවිතයේදී අධිකව ගැඹුරු තෙලෙහි බදින ආහාර අනුභවයද නොදැනුවත්ව ශරීරයට අධික මේද ප්‍රමාණයක් ලබාදෙයි. සීනි සාන්ද්‍රනය අධික ආහාර ගැනීම නින්ද අඩුබව හා මානසික ආතතිය රාත්‍රි නින්ද නිසි ආකාරව නොගැනීම නිසා ශරීරයේ අග්නිය හෙවත් බඩගින්න දැල්වීම අඩුවේ. එවිට අවශ්‍ය ලෙස ආහාර නොදිරවීම නිසා මෙම තත්ත්ව ඇතිවේ. මානසික ආතතිය නිසාද සිදුවන්නේ ආමය හෙවත් ආහාර නිසි ආකාරයට පැසවීම සිදුනොවීමයි. එමගින් මේද තැන්පත් වීම අක්‍රමවත්වීම හා දහනය වීම අක්‍රමවත් වීම සිදුවේ. ව්‍යායාම මද බව වර්තමාන කාර්යබහුල ජීවන රටා නිසා අප සුළු ගමන්වලදී පවා ත්‍රීවීලර් වැනි රථ භාවිත කරයි. සුළු දුරක්වත් පයින් යාමට මැලිවේ. එබැවින් ලැබෙන ආහාර පදාර්ථ ශරීරයේ අනවශ්‍ය ලෙස රැස්වේ. විශේෂයෙන් අවුරුදු 25ට පසු රැකියාවක් ලබාගැනීමෙන් පසු අධික මහන්සිය නිසාද මෙය සිදුවේ. එසේම අවු.25-35 ආහාර ගෙන හොඳින් පුටුවක හෝ සෝපාවක සිට රාජකාරි කිරීමද මෙයට බලපායි. වැළකීමට ආහාර වේල් පිළිබඳව සැලකිලිමත් වීම ප්‍රධාන ආහාර වේලකට වැඩිපුර තන්තු බහුල ආහාර වේලක් කර ගැනීම කළ යුතුය. සීනි, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, කෘත්‍රිම රසකාරක වර්ගකාරක අඩංගු ආහාර ඉවත් වන්න. සෑම කෑම වේලක් අතරතුරම කාලයක් තබාගන්න. ප්‍රෝටීන බහුල ආහාර වර්ග ගන්න. මුං ඇට, කව්පි, කඩල වැනි ආහාර ගන්න, ක්ෂණික ආහාර නොගන්න. පිටි ආහාරවලින් අත්මිදෙන්න. විශේෂයෙන් ප්‍රධාන ආහාර වේලක් ගත් පසු සැපපහසු ලෙස වාඩි වී නොසිටින්න. ආහාර වේලෙන් පැය දෙකක්වත් යනතෙක් නින්දට නොයන්න. ආමාශය පිරෙන තෙක් ආහාර නොගන්න. ආමාශයෙන් 1/3 පමණ කොටසක් ඝන ආහාර ගන්න. 1/3 පමණ දියර ගන්න. ඉතිරි කොටස හිස්ව තබන්න. දිනපතා යෝග අභ්‍යාසවල නිරතවන්න. උදරය හා උදරපේෂිවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇති යෝග ව්‍යායාම්වල නිරතවන්න. එමගින් පේෂී ශක්තිමත් වීම මෙන්ම දිරවීම හැකියාව හා හෝමෝනවල ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට ගෙන දෙයි. හොඳ නින්දක් ලබාගැනීම අවම රාත්‍රියට පැය 7ක් හෝ 8ක සුවදායී නින්දක් ලබාගන්න. හොඳ ව්‍යායාමවල නිරත වන්න. දිනපතා පැය 1/2ක්වත් ඇවිදින්න යන්න. පාපැදියක් භාවිත කරන්න. වැනි සරල ව්‍යායාමවල නිරතවන්න. මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතය නතර කරන්න. ප්‍රතිකාර මෙය අග්නියේ හෙවත් ආහාර දිරවීම හා ඒවා නිසි ආකාරයට තැන්පත් වීම නොසිඳුවීම නිසා වන තත්ත්වයකි. එනිසා ප්‍රධානව ප්‍රතිතිය අනුව අග්නි වර්ධක හා ආමය පැසවීම ඖෂධ ලබාදීම සිදුකරයි. එවිට අධිකව තැන්පත් වන තෙල්ගතිය ඉවත්වීම සිදුවේ. මලබද්දය ඉවත් කිරීම සඳහාද ඖෂධ ප්‍රයෝග කරයි. ස්ථානිකව තෙල්වර්ග ගැල්වීම් සිදුකර ස්වේද කුටි ප්‍රතිකාර සිදුකිරීම යෝග්‍ය වේ. එසේම කටු ප්‍රතිකාර මගින්ද සහනයක් ලබාගත හැකිය. මේ ප්‍රතිකාර කෙසේ තිබුණද ව්‍යායාම කිරීම ආහාරය පිළිබඳ මනා පාලනය ඉතා වැදගත්ය. එබැවින් වයස 25 පසු කාර්යක්ෂම ක්‍රියාශීලී පුද්ගලයකු වන්න.
  වෛද්‍ය නිලධාරී - ඩි කේ අභයතිලක දේවගිරි (බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්ත මේන්තුව )
 

More News..