brand logo

උතුරේ සංවර්ධනයට ආධර දීමට ඕස්ට්‍රේලියානු රජයේ කැමැත්ත

11 February 2020

උතුරේ සංවර්ධනය සදහා ආධාර සැපයීමට ඕස්ට්‍රේලියානු රජය කැමැත්ත පල කොට ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්එ.ම් චාර්ල්ස් මහත්මිය ඊයේ (10) දා පැවසීය. ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයින් හචිස්සන් මහතා සහ ආණ්ඩුකාරවරිය අතර විශේෂ සාකච්ඡාවක් යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරිය මේ අදහස් පල කලහ. උතුරු පළාතේ සංචාරයකට එක්වු ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා හා උතුරු පළාත් ආණ්ඩුකාරවරිය අතර පැවැත්වු සාකච්ඡාවේදී යුද්ධය හේතුවෙන් ගෘහ මුලිකයන් අහිමිවු පවුල්වල ජීවන තත්වය නගා සිටුවීම සහ අදාල පවුල් වල දරු දැරියන්ගේ අධ්‍යාපන තත්වය නැංවීම පිලිබද සාකච්ඡා කරන ලදි. එහිදි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා පැවසුවේ අදාල කාන්තා මූලික පවුල් වල ජීවන තත්වය නගා සිටුවීම සදහා ඕස්ට්‍රේලියානු රජය වැඩපිලිවලක් ක්‍රියාත්මක කරණු ලබන බවයි. යුද්ධයෙන් පසු උතුරු පළාතේ ජන ජීවිතය නැවත පදිංචි කළ ජනතාවගේ යටිතල පහසුකම් හා උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන ලදි. ඒ අනුව ඉදිරි වසර පහක කාලය පුරාවට ඕස්ට්‍රේලියානු රජය උතුරු පළාතේ සංවර්ධන කටයුතු සදහා සහයෝගය ලබා දෙන බව මෙහිදී මහ කොමසාරිස් වරයා පැවසීය. මෙම අවස්ථාව සදහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එස් ෂත්‍යසීලන් මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.   කිත්සිරිගේ ප්‍රසන්න
 

More News..