brand logo

උතුරේ නියඟයෙන් පවුල් 66549 කට අයත් 224607 දෙනෙකු පීඩාවට

06 August 2019

උතුරු පළාතට බලපා ඇති නියඟය හමුවේ සීදිගිය වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණයට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (05) එක්විණ. වැව් නිරීක්ෂණයට එක්වු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ නියඟය හමුවේ සිදීගොස් ඇති වැව් එළැඹෙන වැසි සමයට පෙර ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවයි. ප්‍රතිසංස්කරණය කරනු ලබන වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමට හා අදාළ ප්‍රදේශවාසීන් සමඟ සාකච්ජා කිරීමටද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එක්විණ. උතුරු පළාතට බලපා ඇති නියඟය හේතුවෙන් ‍මේ වන විට උතුරු පළාතේ වවුනියාව,මන්නාරම,මුලතිව්,කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කයන්ගේ පවුල් 66549 කට අයත් පුද්ගලයින් 224607 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දත්ත වාර්තාවන් අනුව නියඟය හේතුවෙන් පීඩාවට ලක්ව ඇති උතුරු පළාතේ ජනතාව සම්බන්ධයෙන් විස්තර පහත පරිදි වේ. අනු අංකය දිස්ත්‍රික්කය පීඩාවට පත් පවුල් සංඛ්‍යාව පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 01 යාපනය 21094 70628 02 මුලතිව් 18812 61154 03 මන්නාරම 18074 63115 04 කිලිනොච්චිය 7947 27564 05 වවුනියාව 622 2146 එකතුව 66549 224607 නියඟයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාව‍ වෙනුවෙන් අවශ්‍ය ජල පහසුකම් ලබාදීම හා අනෙකුත් සහන සේවා සැපයීමට කටයුතු කරන බවද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එහිදි පැවසුවේය. නිරීක්ෂණ චාරිකාව වෙනුවෙන් වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ.මස්තාන් මහතා,වාර්මාර්ග දෙපාර්තමේන්තු නිළධාරීන්,කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..