brand logo

උතුරේ ජලගැලීම් නිසා පීඩාවට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

28 December 2018

උතුරේ බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බලපෑමට ලක්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට පවුල් 38,209කට අයත් සාමාජිකයින් 118,538දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද පස්වරුවේ නිකුත් කළ වාර්තාවට අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 24,184කට අයත් සාමාජිකයින් 74,730ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 9574කට අයත් සාමාජිකයින් 30,499දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 4257කට අයත් සාමාජිකයින් 12,642දෙනෙකු, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 155කට අයත් සාමාජිකයින් 526ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 39කට අයත් සාමාජිකයින් 141දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
 

More News..