brand logo

උතුරේ ඡන්ද තුනට බෙදෙයි විගී, ගජේන්ද්‍රන්, TNA සටනට TNA බලය බිඳෙයි

29 February 2020

ඉදිරි මහ මැතිවරණයේදී උතුරේ ඡන්ද දෙමළ පක්ෂ තුනකට බෙදී යෑමත් සමග දෙමළ ජාතික සන්ධානයේ බලය මෙවර අඩුවීමට ඉඩ ඇති බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා දේශීය සංධානයගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය හා දෙමළ ජතික සන්ධානයට උතුරේ ඡන්ද බෙදී යනු ඇත.

හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ දෙමළ මහජන සභාවසුරේස් ප්‍රේමචන්ද්‍රගේ ඊ.පී.ආර්.එල්.එෆ්.එම්. කේ. සිවාජිලිංගම්ගේ දෙමළ මහජන සන්ධානය එක්ව පිහිටුවාගෙන ඇති දෙමළ ජනතා දේශීය සන්ධානය මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයද තනිවම තරග කිරීමට සැලසුම් කර ඇති අතර මේ වන විට යාපනයේ පළාත් පාලන ආයතන තුනක බලය එම පක්ෂය සතු වේ.

ටෙලෝප්ලොට් හා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය එක්ව ගොඩනගාගෙන ඇති දෙමළ ජාතික සන්ධානයද තරග කරයි. ඒ අනුව මෙතෙක් දෙමළ ජාතික සන්ධානයට ලැබුණු උතුරේ ඡන්ද අනෙක් පක්ෂ දෙකටද බෙදී යනු ඇත.

චමින්ද සේනාරත්න

 

More News..