brand logo

උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වළකින ලෙස උපදෙස්

04 August 2019

උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ලබන 9 වන දා තෙක් ධීවර කටයුතුවලින් වළකින්නැයි සියලු ධීවරයින්ට දැනුම් දී ඇති බව එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. මේ වන විට එම ප්‍රදේශ ආශ්‍රීතව රැඳි සිටින ධීවරයින් දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළ අතර උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 – 80ත් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 – 65 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..