brand logo

උතුරු විපක්ෂ නායක විගීට දෙහි කපයි

10 August 2018

උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් තමන්ගේ බලය රැක ගැනීම සඳහා අමාත්‍යවරුන් අත්තනෝමතික ආකාරයෙන් විටින් විට මාරු කිරීම නිසා පළාත් අමාත්‍යවරුන් නිශ්චිතව හදුනා ගැනීමට නොහැකිව ජනතාව දැඩි පිඩනයක ලක්වී ඇතැයි උතුරු පළාත් සභා විපක්ෂ නායක එස්. තවරාජා මහතා චෝදනා කරයි. පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනෙකු පමණක් සිටිය යුතු වුවත් ඉතා අර්බුදකාරී ලෙස අමාත්‍යවරුන් 6 දෙනෙකු බලහත්කාරී ලෙස අමාත්‍යධුර වල කටයුතු කිරීමට උත්සහ දරමින් සිටින බව හෙතෙම පෙන්වා දෙයි. හිටපු ධිවර, ප්‍රවාහන හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී.ඩෙනිශ්වරන් ඇමතිවරයාගේ තනතුර ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති මොහොතක මහා ඇමතිවරයා විසින් කන්දයියා ශිවනේෂන් මහතා එම ඇමැතිධුරයට පත් කර ඇත. එසේම සෞඛ්‍ය ඇමති පි. සත්‍යලිංගම් මහතාගේ තනතුර මහා ඇමතිවරයා විසින් ජි ගුණසිලන් මහතාට ලබා දී ඇත. ඊයේ (09) පළාත් සභාව රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා මෙම චෝදනා නැගු අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ සෞඛ්‍ය සම්බන්ධයෙන් රවිහරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කල ගැටලුවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පිළිතුරු ලබා දිය යුත්තේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වන සත්‍යලිංගම් මහතාද නැතහොත් වත්මන් සෞඛ්‍ය ඇමති ජි.ගුණසිලන් මහතාද යන්න ගැටළුවක් වී ඇති බවයි. මේ පිළිබඳව මහා ඇමතිවරයා වගකිවයුතු අතර වහාම මෙම ගැටලුව නිරාකරණය කිරීමට ඔහු කටයුතු කලයුතු බව ඔහු අවධාරණය කරයි.
 

More News..