brand logo

උතුරු මැද, ඌව සහ දකුණු පළාත් වලට ගිගුරුම් සහිත වැසි

28 November 2019

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ස්ථාපිත වී ඇති නිසා දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල (විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල) ඇතැම් ස්ථානවලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන්ද, සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..