brand logo

උතුරු පළාතේ ධීවර කර්මාන්තය නගාසිටුවීමට මිලියන 265ක ආයෝජනයක්

18 August 2019

උතුරු පළාතේ ධීවර කර්මාන්තය නගාසිටුවීම හා ධීවයන්ගේ පහසුව සඳහා ධීවර ආම්පන්න පහසුවට හා ලාභ දායකව ලබාදෙන්නට පියවර ගන්නා බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ප්‍රකාශ කරයි. රාජ්‍ය ඇමතිවරයා එසේ කීවේ,කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම පිළිබද සොයාබැලීම සදහා එහි සිදුකල නිරීක්‍ෂණ චාරිකාවකින් පසුවයි. කරෙයිනගර් යාත්‍රාංගණයේ ප්‍රතිනිර්මාණය සංවර්ධන කටයුතු සදහා රජය වැය කල මුදල රුපියල් මිලියන 265 කට අධිකය වේ. මින් ඉදිරියේ උතුරේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය ධීවර උපකරණ වැඩි විශ්වාසදායි ලෙසත්,උපරිම සාධාරණ මිල යටතේ උසස් ප්‍රමිතීන් යටතේ සිනොර් පදනමෙන් ලබාගැනීමේ පහසුකම් සලසනවා.යාත්‍රාංගණයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟ තම ධීවර අම්පන්න ලබා ගැනීමට සිනොර් පදනම කෙරෙහි විශ්වාසය තබන්නැයි ද ඇමතිවරයා මෙහි දී කීය. නිමල් අල්ගෙවත්ත
 

More News..