brand logo

උතුරු පළාත් ලංගම සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

04 January 2019

උතුරු පළා‍තේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් සියළුදෙනා අද(04) සේවයෙන් ඉවත් වි වැඩ වර්ජනයක ආරම්භ කොට ඇත. උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනා මණ්ඩල ප්‍රාදේශීය කළමණාකරු වහාම ඉවත් කරන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ හතක සේවකයින් ‍එලෙස වැඩ වර්ජනයක නිරතවෙති. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් පැවසූවේ යාපනය,කරෙයිනගර්,වවුනියාව,මන්නාරම,මුලතිව් කිලිනොච්චිය ඇතුළු උතුරු පළාත් බස් රථ ඩිපෝ සේවකයින් වැඩ වර්ජනයට එක්ව සිටිති. වැඩ වර්ජනයට එක්වු ‍සේවකයින් පැවසූවේ උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු අසාධාරණ අයුරින් සේවකයින්ට සළකන අතර,සේවා ව්‍යවස්ථාවන උල්ලංඝනය කරමින් සේවක පරිපාලනය කරන බවයි. එබැවින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ ප්‍රාදේශීය කළමණාකරු වහාම ඉවත් කරන ලෙසත් එලෙස නොවුවහොත් තමන් අඛණ්ඩව වැඩ වර්ජනය සිදුකරන බවයි. බස් සේවක වැඩ වර්ජනය හේතුවෙන් දුර ගමන් සේවා හා අන්තර් පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සියල්ල ධාවනය නොකරන බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් පැවසූහ.‍ වවුනියාව - මාධව කුලසූරිය
 

More News..