brand logo

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය වැඩ භාරගනියි

02 January 2020

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පත්වු පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (02) සිය ධූරයේ වැඩ භාරගනු ලැබිණ. උතුරු පළාත් පළමු ආණ්ඩුකාරවරිය ලෙස පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී පසුගියදා දිවුරුම් දෙනු ලැබීය. චාර්ල්ස් මහත්මිය යුද්ධය අවසන් වු සමයේ වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළ අතර,එවක චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් අවතැන් වු ජනතාව වවුනියාව සෙටිටිකුලම ප්‍රදේශයේ ස්ථාපිත කළ සහන කදවුරු තුළ රදවනු ලැබිණ. චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ අවතැන් ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහනද දියත්විණ. චාර්ල්ස් මහත්මිය වවුනියාව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක් වන අතර, පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ රාජ්‍ය නිළධාරිනියක් ලෙස රාජ්‍ය ආයතන රැසක සේවය කරනු ලැබුවාය. නව ආණ්ඩුකාරවරිය වැඩ භාරගැනීමේ අවස්ථාවට දේශපාලන නියෝජිතයින්, උතුරු පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..