brand logo

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය වෙනස්වෙයි

21 June 2019

උතුරු පළාත් ආණ්ඩුකාර නව ලේකම් ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හිටපු ලේකම් එස්.සත්‍යසීලන් මහතා ඊයේ(20) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වෙතින් පත්වීම් භාරගනු ලැබීය. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කළ එල්.ඉලන්ගෝවන් මහතා ඊයේ(20) උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ලෙස එහිදි මාරුවිණ. උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ලේකම් එල්.ඉලන්ගෝවන් මහතා උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරුන් සිව් දෙනෙකුගේ ලේකම් ලෙස මීට පෙර කටයුතු කරනු ලැබීය. නව ආණ්ඩුකාර ලේකම් ලෙස පත්වු එස්.සත්‍යසීලන් මහතා පසුගිය වසර පහක පමණකාලයක් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ලෙස කටයුතු කළහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..