brand logo

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික ක්‍රියාවක් ගැන ජෝසප් ස්ටාලින් හෙළිකරයි

11 July 2019

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාගවන් උතුරේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍යවරුන් පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම්වල දරණ තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. එසේ කළ හොත් පාසල් සමිති අයාලේ යන බවත් එහි සිදුවන අයතා ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නෙහැකිවනු ඇති බවත් හෙතෙම සදහන් කළේය. එමෙන්ම එක් තනතුරුවලින් ඉවත් කිරීම චක්‍රලේඛනවලට පටහැනිව සිදුවන්නක් බවද හෙතෙම වැඩිදුරටත් කීය. මේ සම්බන්ධයෙන් අප සුරේෂ් රාගවත් මහතාගෙන් කළ විමසීමකදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා කියා සිටියේ ආණ්ඩුකාරවරයා උතුරේ පාසලක් සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමක් වැරදියට තේරුම් ගනිමින් ලංකා ගුරු සංගමය මේ ආකාරයට චෝදනා කරන බවය. උතුරු පාසලක විදුහල්පතිවරයෙක් සීමාව ඉක්මවමින් පාසලට ආධාර ලබා ගන්නා බවට මාපියන් විසින් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කර ඇත. කෙසේ නමුත් විදුහල්පතිවරුන්ගේ තනතුරු සම්බන්ධව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද හෙතෙම පැවසීය. ශින්තනි මානවඩු
 

More News..