උතුරු ආණ්ඩුකාරවරයාගෙන් ආවා කල්ලියට ඇරයුමක්
14 June 2019
උතුරු ආණ්ඩුකාරවරයාගෙන් ආවා කල්ලියට ඇරයුමක්
14 June 2019
ඕනෑම අවස්ථාවක පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ආවා කල්ලියට අවස්ථාවක් ලබාදෙන අතර, ඒ වෙනුවෙන් තමන් ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණීමට සුදානම් බව උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා පවසයි.
ආවා කල්ලියේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාවන් දුරු කිරීමට තමන් අදාළ තීරණය ගත් බවද හෙතෙම සදහන් කළේය.
යාපනය කොකුවිල් උප දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදීම ඇතුළු ක්‍රියාකාරකම් ආවා කල්ලියේ ක්‍රියාවක් බවට ආරක්ෂක අංශ සැක පළකිරීම හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර වරයා විසින් ආවා කල්ලියට සාකච්ඡාවක් වෙනුවෙන් ආරාධනාව සිදුකර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.
පසුගිය සමයේ ආවා කල්ලිය ඇතුළු විවිධ කණ්ඩායම් සිදුකළ ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරේ ජනතාව අතර බියක් හා සැකයක් හටගෙන ඇති අතර එබැවින් අදාළ කණ්ඩායම් සමඟ සාකච්ජා කොට පවතින ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට ආණ්ඩුකාරවරයා තීරණය කොට අදාළ පිරිස් වෙනුවෙන් සාකච්ජා මාර්ගයට පිවිසෙන ලෙසට ආරාධනාව සිදුකළ බවද ආණ්ඩුකාර කාර්යාල මාධ්‍ය ඒකකය පැවසූහ.
උතුරු පළාත තුළ ආවා කල්ලිය,වික්ටර් කල්ලිය,ධනුරොක් කල්ලිය හා අජිත් කල්ලිය වැනි කල්ලි පසුගිය සමයේ ජනතාවට පීඩාදෙන ක්‍රියාකාරකම් රැසක් සිදුකොට ඇති බව ආරක්ෂක අංශ පවසති.
මාධව කුලසූරිය