brand logo

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක්

23 December 2019

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ දෙසැම්බර් මස 24, 27 සහ 29 වන දින විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බවයි. නත්තල් උත්සවය වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක කෙරෙන බවත්, එම දිනයන්හි රාත්‍රී 7.35 සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් හා බදුල්ලේ සිට කොළඹ දක්වා රාත්‍රී 8.30 ට පිටත් වෙන විශේෂ දුම්රියක් ද ක්‍රියාත්මක වේ. මේ අතර විශේෂ බස් රථ සේවාවක් මේ මස 21වන දින සිට ලබන ජනවාරි 1 වන දින දක්වා ක්‍රියාත්මක වේ. උත්සව සමය වෙනුවෙන් රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළේය.
 

More News..