brand logo

උත්සව සමයේ සිදුවන වෙළඳ විෂමාචාරයන් ගැන පැමිණිලි කරන්න - පාරිභෝගික අධිකාරිය

03 April 2019

උත්සව සමයේ සිදුවන වෙළඳ විෂමාචාරයන් සම්බන්ධයෙන් වන පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇති විධානයන්ට හා නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, සැපයීම, ගබඩා කර තැබීම, ප්‍රවාහනය සහ විකිණිම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ. මේ අතර භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ විකිණිමේදී අදාල නියමයන්ට අනුව වගකීම් කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් ද මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසුවේය. 1977 ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පැමිණිලි අංශයේ 011 7755481, 011 7755482 සහ 011 7755483 යන අංකවලට තොරතුරු දැනුම්දිය හැකියි.
 

More News..