brand logo

උත්සව සතියේ රිය අනතුරුවලින් මරණ 53ක්

03 January 2022

දෙසැම්බර් අවසාන සතියේ දිවයින පුරා සිදුවූ රිය අනතුරු 52කින් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා. එම අනතුරු පසුගිය 25 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදුවූ ඒවා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. එමෙන්ම 2021 වසර තුළ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 2,365ක් වන අතර ඉන් 2,461 දෙනෙකු මියගොස් ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා. 2021 වසර තුළ බරපතළ තුවාල සිදුවූ අනතුරු 5,383ක් සිදුව ඇති බවයි ඔහු පැවසුවේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේ 2022 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා රිය අනතුරුවලින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර  ඊයේ දිනයේද දිවයිනපුරා මාරක රිය අනතුරු 11ක් සිදුව ඇති බවයි. එම මාරක රිය අනතුරු 11න් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බවත් ඊට පෙර සිදුවූ අනතුරවලින් 3 දෙනෙකු මියගොස් ඇති බවත් ඒ් මහතා වැඩිදුරටත් පැවසුවා.
 

More News..