brand logo

උත්තර ප්‍රශ්න එකට ගැටෙයි

05 August 2019

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ යාපනය දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන්ගේ උත්තර පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයට රැගෙන යමින් තිබූ ලොරියක් පිටුපස යාපනයේ විභාග රාජකාරි වල නිරතව සිටි කණ්ඩායමක් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් එහි සිටි හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත. ඊයේ (05) අළුයම 12.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි. ශිෂ්‍යත්ව විභාගයට යාපනය දිස්ත්‍රික්කයෙන් පෙනී සිටි සිසු සිසුවියන්ගේ උත්තර පත්‍ර රැගෙන යමින් තිබූ ලොරිය පිටුපසින් ශිෂ්‍යත්ව විභාග රාජකාරි වල නිරතව සිටි නිළධාරීන් ගමන් ගත් වෑන් රථයද පැමිණ ඇත. ලොරි රථය අඹන්පොල,කාසිකොටේ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී වේගය අඩු කරනවාත් සමග පිටුපසින් වේගයෙන් පැමිණි වෑන් රථය එහි ගැටී තිබේ. අනතුරින් වෑන් රථයේ සිටි රියදුරු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා ගල්ගමුව සහ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇත. තුවාලකරුවන් තිදෙනෙකු ගල්ගමුව රෝහලටද,සිව් දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලටද ප්‍රතිකාර සදහා යැවූ බව පොලිසිය පවසයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..