brand logo

උත්තරදේවී 30 වැනිදා සිට ධාවනයට

24 January 2019

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වනදා සිට කොළඹ සහ කන්කසන්තුරේ දක්වා ධාවනයට එක් කිරීමට නියමිතව තිබෙනවා. මෙම දුම්රිය උත්තරදේවී නමින් නම් කර තිබෙන්නේ. එහි පරීක්ෂණ ධාවනය ලබන 27 වනදා පෙරවරු 6 ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ලබන 30 වනදා සිට උත්තරදේවී නමින් මෙම දුම්රිය සෑම දිනකම පෙරවරු 10.45 ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරේ බලා ධාවනය කිරීමට නියමිතව තිබෙනවා. https://www.facebook.com/RDMNS.LK/videos/607022253079176/
 

More News..