brand logo

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ නඩුව ලබන මස 07 වෙනිදාට කල්යයි

18 January 2019

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ලබන මස 07 වෙනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ. අද(18) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ එම නඩුව කැඳවා ඇති අතර නඩුවට අදාළ විත්තියේ දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන මෙන් ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත. ඒ අනුව විනිසුරුවරයා විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිට ඇත්තේ එම නඩුවට අදාළව විත්ති පාර්ශවයේ වාචික දේශන ලබන 07 වනදාට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.  
 

More News..