brand logo

උඩුවේ ධම්මාලෝක හිමිගේ නඩුවේ තීන්දුව මාර්තු 01 වැනිදා

07 February 2019

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළග තබාගත්තේ යැයි චෝදනා කරමින් උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ගොණුකළ නඩුවේ තීන්දුව මාර්තු මස 01 වනදා ලබා දෙන බවට කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අදාල නඩුව අද (07) සලකා බැලීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ. නඩුව නීතිපතිවරයා විසින් ගොණුකර ඇති අතර රජයේ පාර්ශවය සහ විත්තියේ නීතිඥවරු විසින් නඩුවට අදාල දේශන ඉදිරිපත් කිරීම අද අවසන් කර තිබෙනවා. සේවාදායක හිමියන්ට විදේශ ගතවීම සඳහා දැනට පනවා තිබෙන තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස උඩුවේ ධම්මාලෝක හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. නඩුවේ තීන්දුව සඳහා දින නියම වී ඇති බැවින් අදාල ඉල්ලීම ඉවත දමන බවයි මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ.
 

More News..