brand logo

උඩවලව ජලාශයේ වාන් දොරටු පහම විවෘත කෙරේ

23 November 2018

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (23) අලුයම උඩවලව ජලාශයේ වාන් දොරටු පහම අඩි 03 බැගින් විවෘත කිරීමට සිදු වූ බව උඩවලව ජලාශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක හා කාර්ය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පවසනවා. උඩවලව ජලාශයේ ඉහල ප්‍රදේශයන් හට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ පිරවිය හැකි ජල මට්ටම අක්කර අඩි 217,000 ක් වුවත් මේවන විට එහි ජල ධාරිතාවය 219,000 ක් බැවින් අද (23) අලුයම 1.30 ට පමණ මෙලෙස ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 03 බැගින් විවෘත කිරීමට සිදු වූ බවයි ඔහු පැවසුවේ. එමගින් තත්පරයට ඝන අඩි 20000ක ජල ධාරිතාවයක් පිට කල බව හා උදෑසන 8.00 පමණ වන විට ජලාශයේ ඉහල ගිය ජල මට්ටම ක්‍රමයෙන් අඩු වී යාම නිසා විවෘත කරන ලද වාන් දොරටු 5 න් දෙකක් මේ වන විට වසා දමා ඇති බවත් අනෙකුත් දොරටු 3 අඩි 2 බැගින් විවෘතව පවතින අතර ඉන් තත්පරයට ඝන අඩි 12300 ක ජාල ධාරිතාවයක් මේවන විට මුදාහරින බවයි සුජීව ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේ. උඩවලව ජලාශයේ වාන් දොරටු 05 අද අලුයම විවෘත කිරීමත් සමග ඉන් බලපෑමට ලක්වන ප්‍රදේශයන්හි ජනතාව දැනුවත් කිරීම හා ඉවත් කිරීම් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු වූ අතර හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කලමානකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිට කරන ලද ජලය මුහුදට ගලා බැස්වීම ට අවශ්‍ය මෝයකට අවහිර වී තිබීම කඩිනමින් ඉවත් කිරීම නිසාත් කිසිදු ආපදාවකින් තොරව ජලය බැස යාම මේ වන විට සිදුවෙමින් පවතිනවා.
 

More News..