brand logo

උගත් බුද්ධිමත් අය විතරක් පාර්ලිමේන්තු යවලා වැඩක් නැහැ

06 July 2020

උගත් බුද්ධිමත් අය පමණක් පාර්ලිමේන්තු යවන්න ඔනේ කියලා ජනතාව අතර තියෙන මතයක් තියෙනවා. හැබැයි ඒ මතය මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද ජයම්පතී වික්‍රමරත්න මන්ත්‍රි තුමාත් උගත් බුද්ධිමත් මන්ත්‍රිවරයෙක් නමුත් එතුමා තමයි රට බෙදන  ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඔහු උගත් බුද්ධිමත් කෙනෙක්. ද්‍රවිඩ සංධානයේ සුමන්දිරන් මන්ත්‍රි තුමාත් ඉතාම උගත් සහ ඉතාම  බුද්ධිමත්. නමුත් එයා තමයි රට පළාත් 9කට බෙදන පෙඩ්‍රරල් ව්‍යවස්ථාව රට තුලට ගෙනාවේ ඒ නිසා පාර්ලිමේන්තු යවන්න ඕනේ  උගත් බුද්ධිමත් වගේම රටට ආදරය කරන දේශ හිතෛෂී පුද්ගලයෝ  තමයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ යැයි හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ හෝමාගම, පානළුව ග්‍රෑන්ඩ් මොන්ඩො  අවන්හලේ ඊයේ 05දා සන්ද්‍යාවේ පැවැත්වුන ජනහමුවකට සහභාගී  වෙමිනි.  
 

More News..