brand logo

ඊ. ටී . එෆ් පොලිය බස්සයි

28 July 2020

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ඊ ටී එෆ් (ETF) සාමාජිකයන්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවන පොලිය 8%ක් දක්වා අඩු කර ඇත. 2018 වසරේ එම මුදල් සඳහා ගෙවනු ලැබූ පොලිය වූයේ 9% ක් බවත්, එය ඉකුත් වසරේ 8%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සාමාජික සේවා) ටී. මල්ලිකාරච්චි සඳහන් කරයි. මේ අතර සේවා නියුක්තියන්ගේ භාර අරමුදල බරපතල කඩාවැටීමකට ලක්ව ඇතැයි පෙන්වා දෙමින් ඊටීඑෆ් සුරැකීමේ සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇත. මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය සාමජිකත්වය ලක්ෂ 25ක් ඉක්මවා ඇති බවත් රුපියල් බිලියන 350 ඉක්ම වූ මුදලක් ඇති බවත් එම ලිපියෙන් සඳහන් කරන ඊ ටී එෆ් සුරැකීමේ සේවක සංගමය ක්මණින්ම මූල්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළම දැනුමක් ඇති අයෙකු අරමුදලේ ඉහළ තනතුරකට පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. දැනට වසර 15කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති සාමාන්‍යධිකාරි තනතුර මෙලෙස පිරවීමට කටයුතු කරන්නැයි ද,ආයතනයේ කඩාවැටීමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු නිලධාරින් කිහිපදෙනෙකු ද ආයතනය තුළ සිටින බැවින්, ඉතා ඉක්මනින් මෙය බේරාගැනීමට මැදිහත්  විය යුතු යැයි ද එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත. නයන තරංග ගමගේ
 

More News..