brand logo

ඊ.ටී.අයි. හිටපුු අධ්‍යක්ෂකවරුන්ට ඇප

15 January 2021

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකු වන ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ ඇප මත නිදහස් කර තිබේ. අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් පිරිස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇපමත නිදහස් කර ඇත. එක් අයෙකුට රුපියල් දස ලක්ෂයක මුුුුුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5ක ශරීර ඇප දෙකක් බැගින් නියම කර තිබේ. එමෙන්ම ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා ඇත. සෑම මසකම අවසන් ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
 

More News..