brand logo

ඊළඟ වෛරසය සොයා වවුල් ගුහාවලට රිංගති

28 April 2020

ලොව මීළඟ වසංගතයට හේතු විය හැකි වෛරස පිළිබඳ ගවේෂණය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ස්මිත්සොනියන් (Smithsonian) ආයතනයේ පර්‌යේෂණ කණ්ඩායමක් ‘වවුල් ගුහා’ පීරීම ආරම්භ කර ඇත. ඔවුන් මෙලෙස වවුලන් වාසය කරන ගුහා ආශ්‍රිතව පර්‌යේෂණ ආරම්භ කර ඇත්තේ කෙන්යාවේ සහ මියන්මාරයේය. මෙම පර්‌යේෂකයන් විසින් දැනටමත් වවුලන් ආශ්‍රිතව ‘කොරෝනා’ කාණ්ඩයේ නව වෛරස 6ක් සොයාගෙන ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කරයි. පර්‌යේෂණ කණ්ඩායමට අයත් වසංගත රෝග පිළිබඳ විශේෂඥයකු වන පීටර් ඩස්කාක් සී.එන්.එන්. වෙත පවසා ඇත්තේ වවුලන්ගේ මුඛයෙන් සහ මළ මුත්‍රා ආශ්‍රයෙන් සාම්පල් ලබාගනිමින් එම ද්‍රාවන්ගේ ඇති වෛරසකාරයන් පිළිබඳව විශ්ලේෂණය කරන බවයි. ඩස්සාක් වැඩිදුර පවසා ඇති ආකාරයට ඔහු ඇතුළු පර්‌යේෂණ කණ්ඩායම පසුගිය වසර 10 පුරාම රටවල් 20ක පමණ වවුලන් ආශ්‍රිත පර්‌යේෂණවල නිරත වෙමින් නව වෛරස 500ක් පමණ හඳුනාගෙන ඇත. ඔහුගේ කණ්ඩායම විසින් 2013දී චීනයේ ගුහාවකින් සොයාගෙන ඇති ‘කොරෝනා’ වෛරසයක් කොවිඩ් 19 වෛරසයට ඉතාමත් සමීප බව සී.එන්.එන්. පුවත් සේවය ප්‍රකාශ කරයි. නයන තරංග ගමගේ
 

More News..