brand logo

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹින්

09 November 2020

ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 510 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි. වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් 199ක් කොළඹින් හඳුනා ගෙන ඇත. කොළඹ 1 - 18 යන ප්‍රදේශවලින් ආසාදිතයින් 129දෙනෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 09දෙනෙක්, කොස්ගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 10දෙනෙක් සහ කොළඹ නගර සීමාවෙන් ආසාදිතයින් 14දෙනෙක් වාර්තා වී ඇත. දෙවෙනියට වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 183ක් ගම්පහින් වාර්තා වී ඇත. ඉන් වැඩිම පිරිසක් හැඳල හා වත්තල යන ප්‍රදේශවලින් වාර්තා වන අතර ආසාදිතයින් 20 දෙනා බැගින් එම ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වී ඇත. තවත් ආසාදිතයින් 19 දෙනෙක් ගම්පහ ප්‍රදේශයෙන් හා රාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වී ඇත. කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 6 දෙනෙක් වාර්තා වී ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12ක්, ගාල්ලෙන් 9 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 4ක්, මහනුවරින් ආසාදිතයින් 3 ක් හා නුවරඑළියෙන් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇත. මේ අතර, වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 72ක් හා කිරුළපන පොලිස් ස්ථානයෙන් එක් ආසාදිතයෙක් වාර්තා වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
 

More News..