brand logo

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

03 November 2020

ඊයේ (02) දිනයේ නව ආසාදිතයින් 275දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති අතර ආසාදිතයින් 90ක් ගම්පහින් හඳුනා ගෙන ඇත. මහර ප්‍රදේශයෙන් 34දෙනෙකු, බියගම ප්‍රදේශයෙන් 18 දෙනෙකු, කැලණිය ප්‍රදේශයෙන් 16දෙනෙකු, ගම්පහ ප්‍රදේශයෙන් 9දෙනෙකු, කඳාන ප්‍රදේශයෙන් 2ක්, මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් එක් අයෙකු, වත්තල ප්‍රදේශයෙන් 3ක්, පෑලියගොඩ ප්‍රදේශයෙන් 3ක්, රාගම ප්‍රදේශයෙන් දෙදෙනෙකු සහ කඩවත ප්‍රදේශයෙන් දෙදෙනෙකු ලෙස ආසාදිතයින් හඳුනාගෙන ඇත. දෙවෙනියට වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 61ක් කොළඹින් වාර්තා වී ඇත. කොළඹ ප්‍රදේශය 32ක්, කොළඹ නගර සභාවේ සේවකයින් 9ක්, කොළොන්නාව 12, වැලිපිල්ලෑව 2, සහ ඊට අමතරව රාජගිරිය, මොරටුව, හෙල්තොට, කහතුඩුව සහ අළුබෝමුල්ල යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙකු, ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල සහ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයින් 10දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරණායක, වරකාපොළ සහ යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයින් 22දෙනෙකු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙකු,රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 4දෙනෙකු හඳුනාගෙන ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
 

More News..