brand logo

ඉහළ පෙළේ ප්‍රබලයෙකු නොවැම්බරයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

24 October 2019

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම ධුරයෙන් ඉවත්ව ඌව පළාතේ ආණ්ඩුකාර ධුරය ලබාගැනීමට දරන උත්සාහයට වත්මන් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විරෝධය පළකර ඇති වාර්තා බව වෙයි. වත්මන් ආණ්ඩුකාරවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉවත්වීමේ අදහසක් නොමැති බවයි. ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුකාර ධුරය ලබාදිය යුතු බවයි. මන්ත්‍රීවරයා ධුරයෙන් ඉවත්වීමේ පුරප්පාඩුවට රජයේ ඉහළ පෙළේ ප්‍රබලයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට සැලසුම් කර තිබේ. එම දිවුරුම් දීම නොවැම්බර් මාසය තුළ සිදුවන බවත් ඔහු කථානායක ධුරය බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වෙයි. කෙසේ වෙතත් ඌව පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ අදහසින් ප්‍රචාරක ව්‍යාපෘතියක්ද දියත් කර තිබේ.
 

More News..