brand logo

ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘතයි

13 August 2019

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසු ගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ (12) දහවල් සිට විවෘත කර තිබු ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනෙන් දෙකක් අද (13) අලුයම වන විට වසා දමා එහි එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබේ. ඊයේ දිනට සාපෙක්ෂව මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද අලුයම වන විට පැවති අධික වර්ෂාව තරමක් අඩු වි ඇති ඇත. කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු දෙකක් ඊයේ දින විවෘත කර අද අලුයම වන විට එය වසා දැමිමට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවන් කටයුතු කර ඇත. විමසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන අතර ,නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේත් , මස්කෙලිය ශ්‍රි පාද නල්ලන්නිය මාර්ගයේ මොහිණි ඇල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඊයේ දින පස් කදු කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තවදුරටත් එක් මංතිරුවකට සිමා කර ඇත. පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ට්ම ඉහල යමින් පවතින බවත්, ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස එම විදුලි බලාගාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..