brand logo

‘ඉසෙඩ්’ ලකුණු කොටස් තුනකට කඩයි

21 January 2020

පාසල් පාදක ක්‍රමයට අනුව ‘ඉසෙඩ් ලකුණු සැකසීමට අදාළව කාණ්ඩ තුනක් යටතේ පාසල් වර්ග කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කර ඇත. පළමු දෙවැනි හා තෙවැනි වශයෙන් කාණ්ඩ තුනකට පාසල් වර්ග කර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට නියමිතය. ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ. පහසුකම් සහිත පාසල්, පහසුකම් අඩු හා පහසුකම් නොමැති පාසල් වශයෙන් මෙම වර්ග කිරීම කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලබන්නන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉසෙඩ් ලකුණු සකස් කෙරෙන්නේ දිස්ත්‍රික් ක්‍රමයටය. මෙම දිස්ත්‍රික් ක්‍රමය වෙනුවට පාසල් පාදක ක්‍රමය යටතේ ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමෙන් වඩා සාධාරණයක් ඉටුවන බවද අමාත්‍යාංශය පවසයි. ඉසෙඩ් ලකුණු නිකුත් කිරීම සඳහා පාසල් පාදක ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් විය. නිලන්ත මදුරාවල
 

More News..