brand logo

ඉවත් කළ සේවකයින් වහාම නැවත සේවයට

06 February 2020

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෛනික වැටුප් පදනම මත සේවය කරමින් සිට ඉවත් කළ සේවකයින් 167 දෙනා මුදල් අමාත්‍යාංශයේ හා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුන වහාම සේවයට බඳවා ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) එම පිරිස සමග පැවැති සාකච්ඡාවක දී දැනුම් දුන්නේය.

පසුගිය රජය යටතේ බඳවා ගෙන ඇති එම පිරිස දෛනික වැටුප් ගෙවීමේ පදනම මත සේවය සඳහා බඳවා ගෙන තිබු අතර එම සියලු දෙනාම තරුණ තරුණියෝ වෙති.

අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් පවා සපුරා ඇති එම පිරිස සේවය සඳහා බඳවාගෙන ඇත්තේ කම්කරු තනතුරු සඳහාය.

අධ්‍යාපන සුදුසුකම් මත සුදුසු රැකියාවන්ට බඳවා ගැනීම සිදු කළ යුතු බවත් , පසුගිය රජය විසින් අනියම් පදනම මත බඳවාගෙන ඇති මෙම පිරිස අතර කම්කරු තනතුරට වඩා ඉහළ රැකියා සඳහා වුවද සුදුසුකම් සපුරන ලද අය සිටින බවත් අමාත්‍යවරයා කීය.

කෙසේ වුවද, ඔවුන් ඉවත් කිරීමෙන්  පසු පුරප්පාඩු වු එම තනතුරු සඳහා වෙනත් පිරිසක් බඳවා නොගන්නා බවත්, මුදල් අමාත්‍යාංශයේ හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද වහාම එම පිරිසම නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම පිරිසට දැනුම් දුන්නේය.

අපේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේදී තමන් කිසි විටෙක දේශපාලන පක්ෂය  මත තීරණ නොගන්නා බවත් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් කාට වුව රැකියා ලබා දීමට තමන් පසුබට නොවන බවත් එම තරුණ තරුණියන්ට ප්‍රකාශ කළේය.

 

More News..