brand logo

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය 70 වන සංවත්සරය සමරයි

18 December 2019

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය 70 වන සංවත්සරය සැමරීම අද(18) යාපනය නල්ලූර් පිහිටි ප්‍රජා මණ්ඩපයේදී සිදුකරනු ලැබිණ. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් වැඩසටහන පැවැත්විණ. එස්.‍ජේ.වි.චෙල්වනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් 1949 දෙසැම්බර් 18 වැනිදා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ආරම්භ කරනු ලැබිණ. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක ලෙස මීට පෙර ආර්.සම්බන්ධන් මහතා කටයුතු කළ අතර, අනතුරුව හෙතෙම දෙමළ ජාතික සන්ධාන නායකත්වයට පත්වීමෙන් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කරනු ලබයි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් වැඩසටහන පැවැත්විණ. වැඩසටහන් අවස්ථාවට ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා,ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා,පක්ෂයේ ලේකම් ඇතුළු පක්ෂයේ දේශපාලන නියෝජිතයින්,පක්ෂ සාමාජිකයින් එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..