brand logo

ඉරාකය, සවුදිය පරදා ‘සවුදිය පුරයි’

22 September 2018

අවසන් මහා තරගයේදී සවුදි අරාබිය හමුවේ තරග වට 3-2 ක තියුණු ජයක් හිමිකරගත් ඉරාකය පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ හිමිකරුවන් බවට පත්වූයේය. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී වට පහක් දක්වා දීර්ඝ වූ මෙම අවසන් මහා තරගය පැය 2 යි විනාඩි 18 ක කාලයක් පැවැත්විණි. පළමු වටයේදී ලකුණු 25-14 කින් ජය ලද සවුදි අරාබියට සාර්ථක පිළිතුරක් ලබාදුන් ඉරාකය දෙවැනි සහ තෙවැනි වටයන් ලකුණු 25-14 කින් සහ 25-16 කින් ජය ගනිමින් වට 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. අනතුරුව නැවතත් ක්‍රිියාත්මක වූ සවුදි අරාබිය සිව්වැනි වටය ලකුණු 28-26 කින් ජය ගනිමින් තරගයේ ජය දෙපිලටම විවෘත තත්ත්වයක් කරා රැගෙන ආවේය. තීරණාත්මක පස්වැනි තරගයේදී ජයග්‍රහණය උදෙසා දෙපිළම කරට කර සටනක නියැලුණු නමුත් අවසානයේ ලකුණු 15-13 කින් ජය ඉරාකය සතු විය. ශ්‍රී ලංකාවට තෙවැනි තැන..... බංග්ලාදේශය සමග පැවැති තරගයෙන් වට 3-0 කින් ජයගත් ශ්‍රී ලංකාව ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. තරගයේ පළමු වටයේදී ලකුණු 25-16 කින් ජය ලබාගත් ශ්‍රී ලංකාව දෙවැනි සහ තෙවැනි වට දෙකේදීම 25-17 බැගින් ලකුණු රැස්කරමින් ජය තහවුරුකර ගත්තේය.
 

More News..