brand logo

ඉරාකයේ සිට ශ්‍රී ලංකාවට ආ කතක් අතුරුදන්

13 November 2018

ඉරාකයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉරාක ජාතික කාන්තාවක් අතුරුදන්ව ඇති බවට කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලය විසින් මෙරට පොලීසියට දන්වා ඇති බවට පොලිස් මූලස්ථානය සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ ෂෆාක් ජෙසිම් හසන් නමැති ඉරාක ජාතික කාන්තාව පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා කටාර් එයාර්වේයිස් ගුවන් සේවයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. මෙම කාන්තාව ඉරාකයේ තම පවුලේ කිසිවෙකුටත් නොදන්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ඇය වකුගඩු රෝගයෙන් පෙලෙන කාන්තාවක් බවටයි පොලීසිය සදහන් කරන්නේ. ඇගේ විදෙස් ගමන් බලපත්‍ර අංකය A3659801 වන බවත්, ඇය මෙරටට පැමිණ ඇති බවට ඇගේ ගුවන් ටිකට්පත් මගින් අනාවරණය වී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම කාන්තාවගේ ඡායාරූපය වන අතර ඇය පිළිබද යම් තොරතුරක් ඇතොත් පහත සදහන් ආයතනය හා දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය අංක 19, බාන්ස් පෙදෙස, කොළඹ 07. දුරකථන අංක - 0112 696600 / 0112 696612 ෆැක්ස් අංක - 0112 696613
 

More News..