brand logo

ඉරණමඩුව ජලාශය වාන් දැමීමෙන් ජනතාවට පීඩා

06 December 2019

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය වාන් දැමීම ආරම්භවීමත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ කිලිනොච්චිය ධර්මපුරම්,ආනන්දපුරම්,ශිවපුරම්,පන්නන්කන්ඩි ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවි ඇති බවයි. කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන්දොරටු දෙකක් අඟල් හය බැගින් ඊයේ(05) රාත්‍රියේ සිට විවෘත කොට ඇති අතර, ප්‍රදේශයට ඇඳ හැලෙන වර්ෂාව වැඩිවුවහොත් ඉදිරියේදී වාන් දොරටු සියල්ල විවෘත කිරීමට සිදුවන ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසීය. ජල ගැලීමවලින් ආපදාවට ලක්වූවන් වෙත සහන සේවාවන් සැපයීම කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජි.වි.රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් සිදුකරනු ලබති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..