brand logo

ඉරටු කෑල්ලක් මිනිහෙක් මරයි

09 July 2020

කෑම ගැනීමෙන් පසු ඉරටු කැබැල්ලක් මගින් දත් හෑරිමට පුරුදුව සිටි තිදරු පියෙකුගේ මුඛ්‍ය හරහා විෂබිජයක් ශරිර ගතවිමෙන් ඔහු මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය. මියගොස් ඇත්තේ වඩුනේත්‍රිගේ ජයන්ත (55) නැමති වලමුල්ල දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි. හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විණි. එහිදි මියගිය අයගේ බිරිද වන හේමලතා වික්‍රමරත්න (54) මහත්මිය සාක්ෂි ලබාදෙමින් මෙසේ කිවාය. මියගොස් සිටින්නේ මගේ ස්වාමිපුරුෂයාය. මට දරුවන් තිදෙනෙකු ඉන්නවා. මහත්තයා මේසන් වැඩකරනවා. මා දන්නා පරිදි මහත්තයාට කිසිදු අසනිපයක් තිබුණේ නැහැ. දින 04ක පමණ සිට දත්කැක්කුමක් ආවා. මුඛයත් ඉදිමුණා. පසුව ආරච්චිකන්ද රෝහලට රැගෙන ගියා. බොන්න බෙහෙත් දුන්නා. පසුව වමනය ආවා. නැවත පුද්ගලික වෛද්‍යවරයකු ළගට ප්‍රථිකාර ගැනිමට ගියා. මහත්තයාට හතිය ආවා. උදරය පුරවා දමලා තිබුනා. මහත්තයා සාමාන්‍යයෙන් කැම ගැනිමෙන් පසු ඉරටු කැබලි දමා දත් හාරනවා. වේදනාව වැඩි නිසා කරාපිටිය රෝහලට රැගෙන ආවා. කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මහත්තයා මිය ගියා මරණය ගැන සැකයක් නැහැ.මුඛය හරහා විෂබිජයක් ගිහින් ඇති බව වෛද්‍යවරු කිවා . පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි යු.ජි.ඩි ජයරත්න මහතා විසින් කළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මුඛය හරහා විෂබිජයක් රුධිර ගතවිමෙන් නිසා නිව්මෝනියා තත්වයට පත්විමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.   එච්.එම්.සමන්-අක්මිමණ
 

More News..