brand logo

ඉමදුව ප්‍රාදේශීය සභාවේ අවුලක් - මන්ත්‍රීවරයෙක් මේසයක් උඩ

18 September 2018

ඉමදුව ප්‍රාදේශීය සභාව ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද (18වැනිදා) රැස් වූ අවස්ථාවේදී  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මේසයක් මත විරෝධතාවයක් පළ කිරීම නිසා උණුසුම් වාතාරණයක් උද්ගත විය. රුවින් මන්තින්ද ශ්‍රීලනිප මන්ත්‍රීවරයා එසේ මේසය මත සිය විරෝධය පල කළ අතර කැට ගල් ගැටලුවක් විරෝධතාවයට හේතුවී තිබිණි. පසුගිය රජය සමයේ කෝඹල මායාකඩුව ප්‍රදේශයේ එම මන්ත්‍රීවරයාගේ අනුග්‍රහය මත සිදුකරන ලද ව්‍යාපෘතියක කැටගල්, වෙනත් ප්‍රදේශයකට ගෙන යෑමට එරෙහිව මන්ත්‍රීවරයා විරෝධතාව අරඹා තිබිණි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මේසය මත නැග සිටි මන්ත්‍රීවරයාට විරෝධය පල කළ අතර  එම අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර මහතා පැවසුවේ එය තම පාලන කාලය තුල නොව කොමසාරිස් පාලන කාලය සිදුවුවක් නිසා තමාට එහි වගකීම බාරගත නොහැකි බවයි. පසුව පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් පතිරණ මහතා මැදිහත් වී මන්තින්ද මන්ත්‍රීවරයා මේසයෙන් බැස්සවීමට කටයුතු කළ අතර ඒ වන විට සභා කාලයෙන් බොහෝ වේලාවක් ගත වී තිබිණි.
 

More News..