brand logo

ඉමදුව ප්‍රාදේශිය සභාවේ ඇතිවුණු ගාලගෝට්ටිය

13 November 2018

ඉමදුව ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රිවරියන් අද 13 පැවැති මාසික රැස්වීමට පැමිණියේ කළු පාට සාරි හැටිට ඇඳගෙනය. මෙයට අමතරව මෙම මන්ත්‍රිවරියන් කළු පාට සාටක ද පැළැදගෙන සභාවට පැමිණියේ ය. ඉමදුව සභාව අද 13 වන දින පැවැතියේ ඉමදුව ප්‍රාදේශිය සභාවේ රැස්වීමි ශාලාවේ දීය. ඒ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඒ.වී සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහි දී ඉමදුව ප්‍රාදේශිය සභාවේ එජාප විපක්ෂ නායිකා කණ්ඩම්බි ලියනගේ මහත්මිය විසින් ප්‍රකාශ කළාය. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව අගමැතිවරයෙක් පත්කිරීම, පාර්ලිමේන්තුව විසුරාවා හැරීම, ඇමති මණ්ඩලයක් පත් කිරීම,හා පසුගිය සභා වාරයේ දී එක්සත් ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රි ඒ.ජී. අනුර මහතාට සභාවේ දි පහරදීම ආදි කරුණුවලට විරෝධය ප්‍රකාශ කරමින් එජාප මන්ත්‍රිනියන් සභාව වර්ජනය කරමින් පිටව ගියහ. මේ අවස්ථාවේදි ඇතිවුයේ ගාලගොට්ටියකි. ඉන් පසුව සභාව සුපුරුදු පරිදි කරගෙන ගියහ.  
 

More News..